ඇමරිකාව සුළුතර පිරිසකගේ අභිමතය අනුව පාලනය වන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින බව සෙනෙට් සභිකයෙක් කියයි
2023-02-27 10:42:20
Share with:

කැපීපෙනෙන අයුරින් පුළුල් වන ඇති නැති පරතරය හේතුවෙන්, ඇමරිකාව සුළු පිරිසක් විසින් පාලනය කරන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින බව, ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී Bernie Sanders මහතා කියාසිටී.

රටේ ආදායම් බෙදීයාමේ පවතින විෂමතාව නිසා හටගන්නා ඇති නැති පරතරය මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමක පවතින බවත්, කම්කරු පංතියේ ජීවන අර්බුද උග්‍ර ව පවතින බවත් ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී Bernie Sanders මහතා ඊයේ(26) බ්‍රිතාන්‍ය මාධ්‍ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

එවැනි තත්ත්වයක් පවතිද්දීත් ඇමරිකාවේ ධනවතුන් පිරිසට කිසිදු ඍණාත්මක බලපෑමක් එල්ල වී නොමැති අතර, ඔවුන් විශාල ප්‍රාග්ධනයක් යොදවා  පාලන තන්ත්‍රය මෙහෙයවීමෙහි නියැලී සිටින බව ද ඔහු හෙළිදරව් කර ඇත. 

මධ්‍යම පාංතික ජනගහණය වඩාත් අඩුවෙමින් පවතී. කම්කරු පංතිය තම ආහාර වේල වෙනුවෙන් දැඩි වෙහෙසකින් වැඩකරමින් සිටින මේ අවස්ථාවේ පවා කෝටිපති පිරිසක් පෙර සේම සුඛිත මුදිත ජීවිත ගතකරමින් සිටිති. පෞද්ගලික අපේක්ෂකයන් සඳහා මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කරමින්, පාලන තන්ත්‍රය රිසිපරිදි මෙහෙයවීමට එම සුපිරි ධනපති පංතියට හැකි වී තිබේ. මේ හේතුව නිසා  දැනට ඇමරිකාව සුළු පිරිසක් විසින් පාලනය කරන රටක් බවට පත්වන ආකාරයක් නිරීක්ෂණය වී ඇතැයි ද Bernie Sanders මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම