ඩිජිටල් චීනය ගොඩ නැගීමේ පූර්ණ සැලැස්ම නිකුත් කෙරේ
2023-02-27 19:46:49
Share with:

"ඩිජිටල් චීනය ගොඩ නැගීමේ පූර්ණ සැලැස්ම  " නිකුත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය එම සැලැස්ම නිකුත් කර ඇත. එම සැලැස්මට අනුව අදාළ කටයුතු ක්‍රමානුකූලව සිදු කරන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය විවිධ ආයතනවලින් ඉල්ලීමක් ද කර තිබේ.

ඩිජිටල් චීනය ගොඩනැගීම ඩිජිටල් යුගයේ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේ වැදගත් එන්ජිමක් මෙන් ම ජාතික තරගකාරීත්වය දියුණු කිරීමේ ප්‍රබල පිටුබලයක් බව "ඩිජිටල් චීනය ගොඩ නැගීමේ පූර්ණ සැලැස්ම  " පෙන්වා දෙයි. එම සැලැස්මට අනුව 2025 වසර වන විට ඩිජිටල් චීනය ගොඩනැගීමේ කාර්යය වැදගත් ප්‍රගතියක් අත්කර  ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ යටතේ ඩිජිටල් යටිතල පහසුකම්, ඩිජිටල් සම්පත් පරිමාණය හා ගුණාත්මකභාවය, ඩිජිටල් ආර්ථික, පරිපාලන , සංස්කෘතික, ජෛව පරිසර, ආරක්ෂාව යනාදි ක්ෂේත්‍රවල සංවර්ධනය සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීම සිදු කෙරෙනු ඇත. 2035 වසර වන විට ඩිජිටල් චීනය ගොඩ නැගීම දැවැන්ත ජයග්‍රහණයක් ලබාගනිමින් රටේ ඩිජිටල් සංවර්ධන මට්ටම ලොව ඉදිරියෙන් පවතිනු ඇතැයි  බලාපොරොත්තු වන බව "ඩිජිටල් චීනය ගොඩ නැගීමේ පූර්ණ සැලැස්මේ  " සඳහන් වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම