ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන සිකුරාදා රැස්වෙයි
2023-02-27 19:50:14
Share with:

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට මහා භාණ්ඩාගාරය සමග නව සාකච්ඡා ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම සැරසෙයි. ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා කොමිසම ලබන සිකුරාදා රැස්වන බව කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි. නෛතික අවශ්‍යතා අනුව ඡන්ද විමසීම අවම වශයෙන් සති තුනකින් කල් දැමිය හැකි බව පුංචි හේවා මහතා සඳහන් කරයි. ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තීරණය කිරීමට මුදල් ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සහතිකයක් ලබාදිය යුතුය. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අවස්ථා දෙකකදී මැතිවරණ කල් දැමූ බව පුංචි හේවා මහතා සිහිපත් කරයි. ඒ මහතා සඳහන් කරන්නේ අරමුදල් පිළිබඳව සහතිකයක් ලැබෙන තුරු එවැනි තත්ත්වයකට යාමට සිදුවිය හැකි බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම