රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
2023-02-27 19:51:37
Share with:

රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

ඊට අදාල තාක්ෂණික මඟපෙන්වීම මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ, රාජ්‍ය ආයතන වෙත ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි ද පැවසීය.

එමෙන්ම සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික තොරතුරු හා  සයිබර් ආරක්ෂණ  මූලෝපායික සැලැස්ම යටතේ මෙම පනත  ගෙන එන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම