රුසියානු-යුක්රේන සාකච්ඡා යළි ආරම්භ කිරීමේ ඉඩකඩ බටහිර රටවල් අවුරා දැමූ බවට රුසියාවෙන් චෝදනා
2023-02-27 14:29:31
Share with:

රුසියානු-යුක්රේන සාකච්ඡා යළි ආරම්භ කිරීමේ හැකියාවට බටහිර රටවල් බාධා කළ බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක රැස්වීමේ උපසභාපති Dmitry Medvedev මහතා පවසයි

රුසියානු Izvestia පුවත්පතට ලිපියක් නිකුත් කරමින් Dmitry Medvedev මහතා අද (27) මේ බව ප්‍රකාශ කර ඇත. බටහිර රටවල් තවමත් යුක්රේනයට අඛණ්ඩව අවිආයුධ සපයන අතර එමගින් රුසියානු-යුක්රේන සාකච්ඡා යළි ආරම්භ කිරීමේ සියලු හැකියාවන්ට බාධා කෙරුණු බව  හෙතෙම පෙන්වාදෙයි. 

බටහිර රටවල් රුසියාව විසංයෝජනය කිරීමේ කුමන්ත්‍රණ කිසිවිටෙක අත්නොහැරීය. රුසියාව විශේෂ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම කෙරෙහි එවැනි හේතු බලපෑ බව හෙතෙම සඳහන් කළේය. තම අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳව පමණක් සිතන බටහිර රටවල්  බරපතල අවුල් නිර්මාණය කර තිබේ.රුසියාව පමණක් නොව වෙනත් රටවල් පවා ඊට ඉඩ නොතබන බව ඔහු විස්තර කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම