වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය සදහා කමිටුවක් පිහිටුවන ලෙසට ජනාධිපතිවරයා තරුණ නීතිඥවරුන්ට යෝජනා ‍කරයි
2023-02-27 19:52:24
Share with:

වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය සදහා කමිටුවක් පිහිටුවන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ නීතිඥවරුන්ට යෝජනා කරයි. එමෙන්ම අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබාගන්නා ලෙසත් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි. වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළ යුතු බවයි. රාජකීය විද්‍යාලයීය නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය. රැස්වීම කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට තමාට සිදුවූ බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම