නේටෝ සංවිධානයට විරුද්ධව ජර්මනියේ මහා පරිමාණයේ විරෝධතා පෙළපාලියක්
2023-02-27 10:28:51
Share with:

ජර්මනියේ Rheinland-Pfalz ප්‍රාන්තයේ Ramsteijn ගුවන් හමුදා කඳවුර අසල ඊයේ(26) මහා පරිමාණයේ විරෝධතා පෙළපාලියක් පැවැත්විණ. නේටෝ සංවිධානය, ඇමරිකාව හා ජර්මානු රජය, යුක්රේනයට ආයුධ සැපයීමට විරුද්ධත්වය ප්‍රකාශ කළ විරෝධතාකරුවන්, අදාළ සාම සාකච්ඡා කඩිනමින් පවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

Ramsteijn ගුවන් හමුදා කඳවුර බටහිර ජර්මනියේ Rheinland-Pfalz ප්‍රාන්තයේ පිහිටි ඇමරිකානු ගුවන් හමුදාවට අයත් යුධ කඳවුරකි. එය නේටෝ සංවිධානය යුරෝපයේ ස්ථානගත කළ විශාලතම ගුවන් හමුදා කඳවුර මෙන්ම ඇමරිකානු ගුවන් හමුදාවේ යුරෝපා මූලස්ථානය ද වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම