පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මරුට
2023-02-27 16:31:50
Share with:

පාකිස්ථානයේ බලොචිස්ථාන් පලාතේ සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයෝ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.තවත් දස දෙනෙක් තුවාල ලැබූහ. කාර්ය බහුල වෙළද වීදියකදී බෝම්බය පුපුරා ගොස් ඇතැයි එරට පොලීසිය කියයි.‍යතුරු පැදියක සවිකර තිබූ බෝම්බය දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කර තිබේ. පොලීසිය,ආරක්ෂක හමුදා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සිද්ධිය වූ ස්ථානයට වහාම ළඟාවූ අතර තුවාල කරුවන් හා මිය ගිය අයගේ මෘත ශරීර ආසන්න ‍රෝහලක් වෙත යැවීමට ඔවුහූ පියවර ගත්හ. තුවාල කරුවන් ගෙන් ඇතැම් අය බරපතල තත්ත්වයේ සිටින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට රෝහල බලධාරීහූ විශ්වාස කරති.ප්‍රහාරයේ වගකීම කිසිවෙකු හෝ ‍භාර ගෙන නොමැත. සෙනසුරාදා දි‍නයේ එල්ලවූ තවත් ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිළධාරීහූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම