ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය සහයෝගිතා තහවුරු කිරීම සඳහා ජී 20 කණ්ඩායමේ සහාය පළ වේ
2023-02-26 15:14:46
Share with:

ජාත්‍යන්තර ප්‍රතිපත්තිමය සහයෝගිතා තහවුරු කිරීමේ අවශ්‍යතාව ජී 20 කණ්ඩායමේ මුදල් ඇමතිවරුන් හා මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම අවධාරණය කරයි. එම දෙදින රැස්වීම ඊයේ(25) දකුණු ඉන්දියාවේ Bangalore හි දී නිමාවට පත්විය.

ජාත්‍යන්තර තලයේ මුදල්, මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිපත්ති සියුම් ලෙස සම්පාදනය කළ යුතු බව මෙම රැස්වීමේ දී අවධාරණය කර ඇත. ඒ ගෝලීය සාර්ව ආර්ථිකය හා මූල්‍ය තිරසර භාවය ආරක්ෂා කිරීම සඳහා ය. එසේ ම, සාර්ව ප්‍රතිපත්තිමය සහයෝගිතා අඛණ්ඩ ව තහවුරු කරමින්, ජගත් සංවිධානයේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ඉදිරියට මෙහෙයවීමට ජී20 කණ්ඩායම සහාය දක්වන බව ද එහි දී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම