ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීම කෙරෙහි ජී -20 කණ්ඩායමේ අවධානය
2023-02-26 14:58:46
Share with:

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පොදු රාමුවෙන් ආවරණය වන රටවල් මෙන්ම ඉන් ආවරණය නොවන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි.

ඉන්දියාවේ බැංගලෝර් නුවර 25 වැනිදා  පැවති ජී- 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ දී ජෝර්ජිවා මහත්මිය මේ බව පවසා තිබේ. ණය අර්බුද විසඳීමට සහ ණයබරින් පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට ද්විපාර්ශ්වික මෙන්ම පෞද්ගලික ණය හිමියන්ගේ බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම කෙරෙහි ජී-20 හමුවේ දී අවධානය යොමු ව ඇත.

ලොව දුප්පත් රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ පා සිටින ණය අවදානම පිළිබඳ සංවාදය සහ එය විසඳීම සඳහා ලැබෙන සහයෝගිතා තවදුරටත් වැඩිදියුණු විය යුතු බව ජෝර්ජිවා මහත්මිය පෙන්වා දී තිබේ. ලෝකයේ ඇතැම් රටවල මතුවෙමින් පවතින ණය ගැටලු හමුවේ ණය සහන ක්‍රියාවලිය කාර්යක්ෂම මෙන්ම වේගවත් විය යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම