සෞඛ්‍ය ව්‍යසනවල දී හමුදා කණ්ඩායම් විදෙස්ගත කිරීම සඳහා ඒකකයක්
2023-02-26 15:56:25
Share with:

සෞඛ්‍ය ව්‍යසනවල දී හමුදා කණ්ඩායම් විදෙස්ගත කිරීමට අදාළව වෙනම ඒකකයක් ස්ථාපනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.  ඒ, ස්වාභාවික ආපදාවල දී  හමුදා සාමාජිකයන් විදෙස්ගත කිරීමේ ඒකකයට අමතරවයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (25) කටුනායක පැවති ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යායතනයේ 6 වෙනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. “අර්බුදකාරී කාලවල දී හමුදා වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය” යන තේමාවෙන් සැසිය පැවැත්විණ. යුද්ධයට මුහුණ දෙන අතරම, 2004 සුනාමි ව්‍යසනය, ගංවතුර හා කොවිඩ් වසංගත අවස්ථාවන් හි දී ඉටුකළ සේවය නිසා හමුදා වෛද්‍ය බලකාය හමුදා මෙන්ම සිවිල් අත්දැකීම් ද සපුරා ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අඩු ආදායම්ලාභීන්ට සෞඛ්‍ය රක්ෂාණාවරණයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම