ඇමරිකාවේ ‘විෂ රසායනික ද්‍රව්‍ය රැ‍ගත් දුම්රිය’ පීලිපැනීම හේතුවෙන් ප්‍රදේශවාසීහු ශ්වසන රෝගවලට ගොදුරුවෙති
2023-02-26 15:38:30
Share with:

ඇමරිකාවේ, Ohio ප්‍රාන්තයේ ‘විෂ රසායනික ද්‍රව්‍ය රැ‍ගත් දුම්රිය’ පීලිපැනීම සිදුවූ ස්ථානය ආශ්‍රිත වැසියන් බ්රොන්කයිටිස් රෝගයට ගොදුරු වී සිටින බව හඳුනාගැනේ.

එරට ජාතික ගුවන්විදුලිය ඊයේ(25) මේ බව වාර්තා කළේ ය. මෙවැනි ශ්වසන රෝගවලට විෂ රසායනික ද්‍රව්‍ය බලපා ඇති බවට වෛද්‍යවරු සැක පළකරති.

ශ්වසන අපහසුතා මෙන්ම හිසරදය, ඔක්කාරය හා කුෂ්ඨ ඇතුළු රෝග ලක්ෂණ රැසකින් එම ප්‍රදේශවාසීන් පීඩාවිඳින බව වාර්තා වේ. අදාළ සෞඛ්‍ය ගැටළු විමර්ශනය සඳහා Ohio ප්‍රාන්තයේ නැගෙනහිර පලස්තීන උපනගරයට වෛද්‍ය කණ්ඩායමක් යොමුකිරීමට ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම