ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය වීම සඳහා ප්‍රංශ රජය සූදානම් බව එරට තානාපති කියයි
2023-02-26 16:13:47
Share with:

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම සහායක්ම ලබාදීමට ප්‍රංශ රජය සූදානම් බව මෙරට ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් මහතා පවසයි.  පැරිස් ආධාර කණ්ඩායම වශයෙනුත් ඉන් පරිබාහිරවත් මේ සහායන් සැපයෙනු ඇත.

තානාපතිවරයා මේ අදහස් පළකළේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවක දී ය. එය වරාය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ප්‍රංශ ගුවන්සේවා සමාගම් කීපයක් ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා ඇරඹීමට කැමැත්ත පළකර ඇති බවත්,  එමගින් ප්‍රංශ සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙනු ඇති බවත් තානාපතිවරයා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම