චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ දෙවැනි පූර්ණ සැසිය ඇරඹේ
2023-02-26 18:53:40
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ දෙවැනි පූර්ණ සැසිය ඇරඹේ.

එම සැසිය අද (26) පස්වරුවේ බෙයිජිං අගනුවරදී ආරම්භ විය. මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය වෙනුවෙන් එහිදී කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය.

පක්ෂ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ කෙටුම්පත, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය විසින් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයට නිර්දේශ කිරීමට යෝජිත රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ලැයිස්තුව සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයට නිර්දේශ කිරීම සඳහා යෝජිත ජාතික කමිටුවේ අපේක්ෂක නායකයන්ගේ ලැයිස්තුව එම පූර්ණ සැසියේ දී සමාලෝචනය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම