ඇමරිකානු ඩොලරයේ පාලනයෙන් මිදීමට නම් චීන රෙන්මින්බී මුදල් ඒකකය භාවිත කළ යුතු බවට ඉරාක ආර්ථික විද්‍යාඥයෙකුගෙන් ප්‍රකාශයක්
2023-02-26 15:58:58
Share with:

ඇමරිකානු ඩොලරයේ පාලනයෙන් මිදීමට නම්, චීන රෙන්මින්බී මුදල් ඒකකය භාවිත කළ යුතු බව ඉරාක ආර්ථික විද්‍යාඥ Mashhadani මහතා කියාසිටී.

චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී හෙතෙම  මේ බව පැවසීය.

ඉරාක මහ බැංකුව මෑතකදී විදේශ විනිමය සංචිත වැඩිදියුණු කිරීම සඳහා නවතම ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කළේය. චීන-ඉරාක වෙළඳාමේදී රෙන්මින්බී මුදල් ඒකකයෙන් සෘජුව ගනුදෙනු කිරීමට අවසර දීම ඊට ඇතුළත් වේ.

මුදල් හුවමාරු කර ගැනීම පිළිබඳ දැඩි පීඩනයකට ලක්ව සිටින බොහෝ ඉරාක ව්‍යාපාරිකයන් ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ විලංගුවලින් ගැලවීමට අපේක්ෂා කරන බව Mashhadani මහතා එහිදී කියාසිටියේය. චීනය සහ ඉරාකය අතර වෙළඳාමේදී රෙන්මින්බී මුදල් ඒකක‍ය සෘජුව භාවිත කිරීම පිළිබඳ ඉරාක මහ බැංකුවේ තීරණය එරට වෙළඳාමේ තිරසර ව්‍යාප්තියට හිතකර වන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම