චීන සාම්ප්‍රදායික වෛද්‍ය සේවා පද්ධතිය නැංවීමට ක්‍රියාකාරී සැලසුම් මාලාවක්
2023-02-26 14:57:18
Share with:

චීන සාම්ප්‍රදායික වෛද්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් මාලාවක් මේ වසරේ දී ක්‍රියාවට නැංවෙයි.

බෙයිජිං අගනුවර ඊයේ (25) පැවති 2023 චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යා අධ්‍යක්ෂවරුන්ගේ සමුළුවේ දී මේ බව ප්‍රකාශ කෙරිණ. චීන සාම්ප්‍රදායික වෛද්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කර, බිම් මට්ටමේ සේවා ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මීට ඇතුළත් වේ.

චීන සාම්ප්‍රදායික වෛද්‍ය සේවා හා සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් මේ වසරේ ඉදිකිරීමට නියමිත ය. චීන සහ බටහිර වෛද්‍ය විද්‍යාවන් අතර සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කර, ප්‍රධාන මෙන්ම බරපතල රෝග සඳහා සායනික සහයෝගිතාව සහිත නව නියමු ව්‍යාපෘති පෙළක් ඇරඹීමට ද පියවර ගැනේ. මේ යටතේ, ද්විතීයික සහ ඉහළ මට්ටමේ රෝහල්වල චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික දෙපාර්තමේන්තු ස්ථාපනයට ද අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම