ආනයනයනික පළමු බිත්තර තොගය 27 වැනිදා දිවයිනට
2023-02-25 16:29:10
Share with:

බිත්තර හිඟයක් ඇතිවීම හේතුවෙන් මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන 27 වැනිදා  දිවයිනට ළඟාවීමට නියමිතයි. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටී. ඒවා සාමාන්‍ය පරිභෝජනය සඳහා අලෙවි කිරීමට අවසර නොදිය යුතු බව ද ඔහු පැවසීය. ඉන්දියාවේ සිට බිත්තර මිලියන 2 ක පමණ තොගයක් ආනයනය කිරීමට මෙහිදී  පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම