පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණය මාර්තු 03 වැනිදා
2023-02-25 16:14:04
Share with:

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම පැවැත්වෙන නව දිනය මාර්තු 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. ඡන්ද විමසීම කලින් සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන බව ද එම කොමිසම ඊයේ (24) නිවේදනය කළේය.

දැනට පවතින තත්ත්වය හමුවේ, ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටීමටත්, ඒ සඳහා මැදිහත්වන ලෙස කථානාකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටත් මැතිවරණ කොමිසම එහිදී තීරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම