ගෝලීය ආර්ථික ස්ථාවරත්වය යළි තහවුරු කරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසිටී
2023-02-25 15:47:48
Share with:

ගෝලීය ආර්ථික ස්ථාවරත්වය, විශ්වාසය හා සංවර්ධනය යළි ගොඩනංවන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා ඉල්ලා සිටී.

ඊයේ (24) ආරම්භ වූ, G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මධ්‍යම බැංකු අධිපතිවරුන්ගේ සමුළුව වීඩියෝ ආකාරයෙන් අමතමින් හෙ‍තෙම මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.

ගෝලීය ආර්ථික ස්ථාවරත්වය, විශ්වාසය හා සංවර්ධනය යළි ගොඩනැංවීම උදෙසා ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකක විසින් නිසි විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

G20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මධ්‍යම බැංකු අධිපතිවරුන් එක් වූ දෙදින සමුළුව දකුණු ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී පැවැත්විණ. G20 කණ්ඩායමේ වාරික සභාපතිත්වය හිමිවීමෙන් පසු ඉන්දියාව විසින් පවත්වන ලද අමාත්‍ය මට්ටමේ පළමු සමුළුව මෙයයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම