රටට සාපයක් වී ඇති දූෂණය, නාස්තිය වැළැක්වීමට පරිපාලන ප්‍රතිසංස්කරණ වහා අවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටී. ඒවා අවශ්‍ය වන්නේ ඵලදායීතාව ප්‍රවර්ධනයට පමණක් නොවන බවත්, නාස්තිය, උදාසීනත්වය සහ බාල නිෂ්පාදන පිටුදැකීම සඳහා ද වහා පියවර ගතයුතු බවත් ඔහු අවධාරණය කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (24) පැවති ශ්‍රී ලංකා නවෝත්පාදකයන්ගේ සංසදයේ ආරම්භක උත්සවයට එක්වෙමිනි. මෙය ගාමිණී කොරයා පදනම විසින් සංවිධාන කර තිබිණ.
ආනයන ධාරිතාව නොමැතිකම රටේ භාණ්ඩ මිල ඉහල යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ. කෙසේ වෙතත් පසුගිය මාස 9 ඇතුළත ණය දෙන්නන්ගේ විශ්වාසය නැවත ලබාගැනීමට මෙරටට හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටී. වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන ඇති නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳව ද හෙතෙම එහිදී කරුණු පැහැදිලි කළේය.