චීනයේ විද්‍යුත්කරණ ක්‍රියාදාමයේ තිරසර භාවය තහවුරු කෙරේ
2023-02-25 16:12:18
Share with:

චීනයේ විද්‍යුත්කරණ ක්‍රියාදාමයේ තිරසර භාවය තහවුරු කෙරේ.

2022 වසරේ ‘ චීනයේ විද්‍යුත්කරණය පිළිබඳ වාර්ෂික වාර්තාව ’ චීන විදුලිබල ව්‍යවසායයන්ගේ ඒකාබද්ධ සංගමය විසින් ඊයේ(24) නිකුත් කරනු ලැබීය. ඒ අනුව, 2025 වස‍ර වන විට, සමස්ත බලශක්ති පරිභෝජනය සඳහා විදුලිබල දායකත්වය 30%  අභිභවා යනු ඇතැයි අපේක්ෂිතයි.

මේ වනවිටත් චීනයේ සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 27%ක් විදුලි බලයෙන් සපුරාගැනෙන අතර, මෙය ලෝකයේ පවතින  මට්ටම අභිභවා යාමකි. එසේම, කර්මාන්ත, ගමනාගමන, ගෘහනිර්මාණ හා  කෘෂිකර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර උදෙසා, ගල්අඟුරු හා පෙට්‍රල් වෙනුවට විදුලිබලය ආදේශ කිරීම සහතික කරන බව ද චීන විදුලිබල ව්‍යවසායයන්ගේ ඒකාබද්ධ සංගමයේ නිත්‍ය උපඅධ්‍යක්ෂ Yang Kun මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම