යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම චීන ප්‍රඥාව තුළින් ඉදිරිපත් කෙරේ
2023-02-25 15:29:51
Share with:

යුක්රේන අර්බුදය පුපුරා ගොස් ඊයේ (24) දිනයට වසරක් සපිරේ. ගෙවීගිය වසර පුරා, එම අර්බුදය යුරෝපා කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය විනාශ කළා පමණක් නොව, ලෝකයට දැඩි අවිනිශ්චිතභාවයක් සහ අනාරක්ෂිතභාවයක් රැගෙන ආවේය. මෙම යුද්ධය සමනය කරන්නේ කෙසේද? එම අර්බුදය ලෝකයට එල්ල කරන බලපෑම අඩු කරන්නේ කෙසේද? චීනය ඊයේ (24) "යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" නිකුත් කරමින්, අදාළ අර්බුදය විසඳීමට චීන ප්‍රඥාව තිළිණ කර තිබේ.

චීනයේ ස්ථාවරය පිළිබඳ මෙම යෝජනාව, යුක්‍රේන අර්බුදය දේශපාලන මාර්ගයෙන් විසඳීම සඳහා විස්තීර්ණ සහ යථාර්ථවාදී සැලැස්මක් සපයයි.

එම යෝජනාවට කරුණු 12 ක් අන්තර්ගත වේ. "ඕනෑම රටක් සතු ස්වෛරීභාවයට ගරුකිරීම" යන ස්ථාවර මූලධර්මයට අනුගත වීම පමණක් නොව, මානුෂීය අර්බුදය විසඳීම සඳහා සංයුක්ත පියවර ද  එහි දක්වා ඇත. ලොව ප්‍රධාන රටක් ලෙස වාස්තවිකත්වය, යුක්තිය පිළිපැදීම සහ සාම සාකච්ඡා සක්‍රියව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය පළකරන වගකීම් සහගතභාවය මෙම යෝජනාව තුළින් මනාව පිළිබිඹු වෙයි.

විශේෂයෙන්, පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනයට යෝජනා කළ චීනය, ජාත්‍යන්තර සදාචාරය විදහා දක්වමින් ඊට ආධාර සැපයීමටත්, සැලකියයුතු කාර්යභාරයක් ඉටුකිරීමටත් සූදානමින් සිටී.

තත්ත්වය වඩාත් සංකීර්ණ වන තරමට, සන්සුන් හා ප්‍රායෝගික විය යුතුය. වඩාත් විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතුය. එසේම, අර්බුදයට යථාර්ථවාදී විසඳුමක් සපයන චීනයේ යෝජනාව සාමය ප්‍රතිස්ථාපනයට කැමති සියලු පාර්ශ්වයන් විසින් ගැඹුරින් සලකා බැලිය යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම