සිය නවීකරණ ක්‍රමවේදය අඛණ්ඩ ව අනාගතය කරා ගමන් කරනු ඇති බවට චීනයේ විශ්වාසය
2023-02-24 19:17:43
Share with:

චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක්වෙයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඒ පිළිබඳව විග්‍රහ කළේ ය.

චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය යනු සමස්ත ජනතාව සාමූහික පොහොසත්කම සාක්ෂාත් කරගන්නා නවීකරණය බව ඔහු පෙන්වාදෙයි. මානවයා හා ස්වභාව ධර්මය අතර සංහිඳියාව පවත්වා ගැනීම ද මීට ඇතුළත් වේ. එසේ ම, සාමකාමී පැවැත්මක් සහිත චීන නවීකරණය මානව ශිෂ්ටාචාරය උදෙසා නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය සමස්ත ලෝකයටම  අයිති බව ද Wang Wenbin මහතා අවධාරණය කරයි. ඕනෑම රටකට එහි පවතින අංග අනුගමනය කළ හැකිය.  චීනය සිය ක්‍රමවේදය සෙසු රටවල් මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ නොකරයි. තම නවීකරණ ක්‍රමවේදය අඛණ්ඩ ව අනාගතය කරා ගමන් කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව ද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම