චීන හමුදා සේවයේ නිරත වී රාජකාරියකදී මිය ගිය Lei Feng ගේ ආදර්ශ අමරණීය බව චීන ජනපති කියයි
2023-02-24 09:33:56
Share with:


Lei Feng ගේ ජීවගුණය කවර යුගයක වුව ද යල් පැන නොගිය බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

පසුගිය 60 දශකයේ චීන හමුදා සේවයේ නිරත වී රාජකාරියකදී මිය ගිය Lei Feng , රටට හා ජනතාවට සැමවිටම අවංක ව හා කැපවීමෙන් සේවය කළ ආදර්ශමත් චරිතයකි. 1963 වසරේ එවක චීන ජනාධිපති මාඕ ත්සේ තුං මහතා ඇතුළු රාජ්‍ය නායකයන් Lei Feng වෙනුවෙන් ගුණ සැමරු සටහන් තබා ඇත. එම ලිඛිත සටහන් තැබීමේ 60වැනි සංවත්සරය නිමිති කරගෙන ඊයේ (23) බෙයිජිංහි දී සාකච්ඡාවක් පැවැත්විණ. එම අවස්ථාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. ගෙවුණු වසර 60 තුළ රට පුරා Lei Feng ආදර්ශයන් අඛණ්ඩව ක්‍රියාවට නංවා තිබේ. කවර යුගයක වුව ද Lei Feng ගේ ජීවගුණය යල් පැන නොගිය බව ඉන් ඔප්පු වී තිබෙන බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. නව යුගයේ  Lei Feng ගේ ජීවගුණය රට සවිමත් කිරීමේ ප්‍රබල අධ්‍යාත්මික ශක්තියක් විය යුතු බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම