“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ අරඹා ගෙවීගිය දශකයේ කැපීපෙනෙන ප්‍රගතියක්
2023-02-24 17:40:38
Share with:

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ අරඹා ගෙවීගිය දශකයේ ලද ප්‍රතිඵල චීන විදේශ අමාත්‍යාංශය විග්‍රහ කරයි.

විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී එය ඉදිරිපත් කළේය.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ 10වැනි සංවත්සරය මේ වසරට යෙදී  ඇත. ගෙවී ගිය දශකයේ දී චීනය,  හරිත සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ චීන තාක්ෂණයන් හා චීන විසඳුම් “එක් තීරයක් එක් මාවතක්”හා සම්බන්ධ රටවල් සමඟ ප්‍රායෝගිකව බෙදාගනිමින් එහි ප්‍රතිඵල පොදුවේ අත්කරගෙන ඇති බව Wang Wenbin මහතා එහිදී පැවසීය.

චීනය රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 50කට අධික සංඛ්‍යාවක් සමග ජෛව පරිසර ආරක්ෂාව පිළිබඳ සහයෝගිතා ගිවිසුම් අත්සන් තබා, හරිත ප්‍රායෝගික සහයෝගිතා ව්‍යාපෘති රැසක් එම රටවල ක්‍රියාවට නංවා තිබේ. “හරිත සේද මාවතේ දූත සැලැස්ම”ක්‍රියාත්මක කළ චීනය මේ වන විට “එක් තීරයක් එක් මාවතක්”හා සම්බන්ධ රටවල් 120කට වැඩි ප්‍රමාණයක් සඳහා හරිත සංවර්ධනය පිළිබඳ ප්‍රවීණයන් පුහුණු කිරීමේ වාර 3000ක් සපුරා ඇතැයි ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම