"යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" සඳහන් ලේඛනයක්
2023-02-24 14:21:15
Share with:

චීන විදේශ අමාත්‍යංශය"යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" යන ලේඛනය නිකුත් කරයි.

පළමුවැන්න සියලු රටවල ස්වෛරීභාවයට ගරු කිරීමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ඇතුළුව පිළිගත් ජාත්‍යන්තර නීති දැඩි ලෙස අනුගමනය කළ යුතු අතර, සියලු රටවල ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ඵලදායී ලෙස සහතික කළ යුතුය.

දෙවැන්න සීතල යුද මානසිකත්වය අත්හැරීමය. එක් රටක ආරක්‍ෂාව වෙනුවෙන් වෙනත් රටවල ආරක්‍ෂාව අනතුරේ හෙළිය නොහැකි අතර හමුදා කණ්ඩායම් ශක්තිමත් කිරීමෙන් හෝ පුළුල් කිරීමෙන් කලාපීය ආරක්ෂාව සහතික කිරීමට තැත් නොකළ යුතුය.

තුන්වැන්න සටන් විරාමයක් ඇති කරමින් යුද්ධය නතර කිරීමය. අවසානයේ පුළුල් සටන් විරාමයකට එළඹීම සඳහා, සියලු පාර්ශ්වයන් තාර්කිකත්වයෙන් සහ සංයමයෙන් කටයුතු කරන අතර, තත්ත්වය උත්සන්න නොකර එය ක්‍රමානුකූලව සමනය කිරීමට උත්සාහ දැරිය යුතුය.

සිව්වැන්න යුක්රේන අර්බුදය විසඳීමට ඇති එකම ප්‍රායෝගික මාර්ගය සංවාදය සහ සාකච්ඡාව යන්නයි.

මීට අමතරව මානුෂීය අර්බුද සමනය කිරීම සඳහා හිතකර වන සියලුම ක්‍රියාමාර්ග දිරිමත් කිරීම සහ සහාය දීම යනාදී කරුණු "යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" යන ලේඛනයට අන්තර්ගත වෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම