ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 11 වැනි ස්ථානය චීනයට
2023-02-24 17:39:28
Share with:

2022 වසරේ චීනය ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 11 වැනි ස්ථානයට පැමිණ ඇතැයි චීන විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය පවසයි.

චීන විද්‍යා හා තාක්ෂණික ඇමති Wang Zhigang මහතා, චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනය ජාතික සමස්ත සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බව  Wang Zhigang මහතා පැවසීය. පසුගිය දශකයේ දී චීනය ගෝලීය නවෝත්පාදන දර්ශකයේ කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇත. 2012 වසරේ 34 වැනි ස්ථානයේ පසු වූ චීනය 2022 වසරේ 11වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම විශේෂත්වයකි. එසේම චීනය නවෝත්පාදන රටවල් ලැයිස්තුවට සාර්ථක ඇතුළත් වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

චීන විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය ඉදිරි කාලය තුළ, දේශීය වශයෙන් උසස් මට්ටමේ විද්‍යා හා තාක්ෂණික දියුණුව ශක්තිමත් කරමින්, ජාතික සංවර්ධනය හා උපායමාර්ගික සුරක්ෂිතතාව ප්‍රබල ලෙස සහතික කරනු ඇතැයි ද Wang Zhigang මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම