සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු ජනපතිගේ ඍජු අවධානයට
2023-02-24 15:26:36
Share with:

ශ්‍රී ලංකාව වසර පුරාම සංචාරක ආකර්ෂණයට ලක්වන ගමනාන්තයක් බවට පත්කරමින් එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සමඟ ඊයේ (23) පස්වරුවේ පැවති හමුවකට එක්වෙමිනි. “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” යන තේමාවෙන්  සංවිධාන කර තිබූ එය හික්කඩුවේ දී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික කඩාවැටීම නිසා විවිධ පසුබෑම්වලට ලක් වූ සංචාරක ව්‍යාපාරය යළි නඟාසිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. වසරකට සංචාරකයන් ලක්ෂ 20 කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි. මේ සඳහා වන  සැලසුම් ක්‍රියාවට නැංවීමට කමිටුවක් පත් කර ඇති අතර, එහි වාර්තාව ලැබීමෙන් පසු ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව හික්කඩුව නගරයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා එහි ව්‍යාපාරිකයන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම