චීන ජනපති සහ ආර්යාව, කාම්බෝජයේ රජු සහ මවුරැජින හමුවෙති
2023-02-24 15:02:50
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සහ ජනාධිපති ආර්යා පෙං ලී යුවන් මහත්මිය කාම්බෝජයේ නොරොදොම් සිහමෝනි රජු සහ රජුගේ මව වන මොනිනාත් රැජින හමුවෙති. මෙම හමුව  බෙයිජිංහි දී අද (24) පැවැත්විණ.

චීනයේ ප්‍රතිසංස්කරණ හා ක්‍රමික සංවර්ධනය මැනැවින් දැක ඇති රජු සහ මවුරැජින චීනයේ සංවර්ධනය ගැන නිතරම සැලකිලිමත් වන අතර, එම දෙපළ චීන ජනතාවගේ හොඳ මිතුරන් බව චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. නව චීනය සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී  ගත වූ වසර 65 තුළ එම බැඳීම ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් වී ඇතැයි ද ෂී ජින් පිං මහතා  මහතා කියාසිටියේය.

චීනයේ දිගුකාලීන පරාර්ථකාමී උපකාර සහ කාම්බෝජයට දක්වන සහයෝගය වෙනුවෙන් තම කෘතවේදීත්වය පළ කළ සිහමෝනි රජු සහ මොනිනාත් මවුරැජින කියාසිටියේ, කාම්බෝජ-චීන සාම්ප්‍රදායික මිත්‍රත්වය අනාගතය උදෙසා පවත්වා ගනිමින් විවිධ ක්ෂේත්‍රවල මිත්‍රශීලී හුවමාරු සහ සහයෝගිතා පුළුල් කිරීමට කැපවන බවයි .

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම