‘Nord Stream සිද්ධිය’පිළිබඳ පැහැදිලි විමර්ශනයකින් එයට වගකිවයුතු පාර්ශ්වයන් අනාවරණය කර ගැනීම අතිශයින් වැදගත්
2023-02-24 09:57:32
Share with:

රුසියාවේ ඉල්ලීමට අනුව, Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පසුගියදා විවෘත විවාදයක් පැවැත්විණ. අදාළ කරුණු සෑම රටකම අවශ්‍යතා සමඟ සෘජුව සම්බන්ධ වන නිසා, මෙම සිද්ධිය පිළිබඳ විෂය මූලික, සාධාරණ හා වෘත්තීමය සමීක්ෂණයක් සිදු කිරීම වඩා වැදගත් බව චීන පාර්ශ්වය එහි දී අවධාරණය කර ඇත.

2022 වසරේ  සැප්තැම්බර් මාසයේ අග භාගයේ රුසියාවෙන් ජර්මනියට ස්වාභාවික ගෑස් සම්ප්‍රේෂණය කෙරෙන Nord Stream 1 හා Nord Stream 2 නල මාර්ගවල ස්වීඩනය හා ඩෙන්මාර්ක් රාජ්‍යයන්ට ආසන්නයේ මුහුදු ප්‍රදේශයේ පිහිටි නල මාර්ගයේ, ස්ථාන හතරක කාන්දුවීම් සිදු විය.  එම නල මාර්ග විනාශයට පත් වූයේ, ධවල මන්දිරයේ ඍජු නියෝගයකට අනුව ඇමරිකාවේ CIA ආයතනය විසින් සිදු කරන ලද රහසිගත මෙහෙයුමකින් බව  ඇමරිකානු ප්‍රකට සමීක්ෂණ වාර්තාකරු වන Seymour Hersh හෙළිදරව් කර ඇත.

Nord Stream ස්වාභාවික ගෑස් නල මාර්ගය අතිශයින් වැදගත් අන්තර්ජාතික යටිතල පහසුකමක් හා ගෝලීය බලශක්ති හුවමාරුවේ ප්‍රධාන වාහකයකි. එය විනාශ වීමෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට හා ජෛව පරිසරයට ප්‍රබල ඍණාත්මක බලපෑමක් එල්ල විය. පිපිරීම්වලින් ඝන මීටර් දස කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක ස්වාභාවික ගෑස් කාන්දු වී තිබිණ.

මෙම ‘Nord Stream සිද්ධිය’ සමස්ත යුරෝපයේ ආරක්ෂාවට හා ස්ථාවරත්වයට සෘජුවම බලපාන දේශපාලන ගැටලුවක් බව කිව යුතුය. එම මාර්ගය විනාශයට පත් කිරීමේ හේතුව හා එයට වගකිවයුතු පාර්ශ්වයන් පැහැදිලි විමර්ශනයකින් අනාවරණය කර ගත යුතුය. එවිට අදාළ රටවල්වලට තාර්කික උපායමාර්ගික විනිශ්චයකට එළඹීමටත් යුක්‍රේන අර්බුදය සාකච්ඡා හා දේශපාලන සංවාදයන් මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා පවතින බාධා අවම කිරීමටත් ඉඩ සලසා දිය හැකි බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම