චීන සහාය යටතේ පාසල් සිසුන්ට නිල ඇඳුම් බෙදාදීම ඇරඹේ
2023-02-24 16:52:40
Share with:

2023 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් බෙදාදීම ඇරඹේ.

මෙවර පාසල් නිල ඇඳුම්වලින් 50%ක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට මුල දී එකඟතාව පළ කර තිබූ චීන රජය, තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු කරනු ලැබූ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දක්වමින් එය 70% දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ වෙනුවෙන් කෘතවේදීත්වය පළකරන බව ද ඔහු කියාසිටී.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ,  නිල ඇඳුම් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට සහභාගි වෙමිනි. එය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී ඊයේ (23) පැවැත්විණ. මෙම චීන පරිත්‍යාගයේ පළමු කොටස මීට මසකට ප්‍රථම මෙරටට ලැබුණු අතර, සිසුන්ගේ වයස හා අවශ්‍යතා අනුව ඒවා ප්‍රමිතිගත ව ඇසුරුම් කර තිබීම විශේෂත්වයකි. දේශීය සැපයුම්කරුවන්ගෙන් ඉතිරි 30%ක නිල ඇඳුම් ප්‍රමාණය සපයා ගැනේ.

චීනයෙන් ලද රුපියල් බිලියන 5.5ක නිල ඇඳුම් ප්‍රදානය ද ඇතුළුව මේ සඳහා වැයකෙරුණු  සමස්ත වියදම රුපියල් බිලියන 7.8 කි. අමාත්‍යවරයා පැවසුවේ, මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් චීන තානාපති Qi Zhenghong මහතාට කෘතඥ වන බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම