විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලසුම පාර්ලිමේන්තුවට
2023-02-24 15:45:56
Share with:

ලංකා විදුලිබල මණ්ඩලයේ  2023-2042 දීර්ඝ කාලීන ජනන සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් එය ඊයේ (23) ඉදිරිපත් කරනු ලැබීය.

2030 වසර වන විට සමස්ත විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය ව්‍යාපෘති මගින් ලබාගැනීම, 2050 වන විට කාබන් උදාසීනත්වය සාක්ෂාත් කිරීම සහ ගල්අඟුරු බලාගාර අලුතින් ඉදිනොකිරීම යන රජයේ  ප්‍රතිපත්තියට අනුකූලව දීර්ඝ කාලීන ජනන සැලසුම සකස් කර තිබේ.

සහ 2022 ජනවාරි පළමුවැනිදා සිට 2023 ජනවාරි 31 වැනිදා දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකෙරුණු ඉන්ධන ආනයන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද මෙහිදී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම