අනාගතය වෙනුවෙන් කාලානුරූපිව ක්‍රියා කිරීම චීනයේ සාර්ථකත්වයයි
2023-02-24 10:21:15
Share with:

බටහිර ලෝකය දශක තුන හතරකට පෙර ලෝකයේ නවීකරණ තාක්ෂණය සම්බන්ධයෙන් පෙරමුණ ‍ගෙන සිටියේය. එහෙත් ලෝකය පුරා පාරිභෝගික භාණ්ඩ හා තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනයේ දී බිම් මට්ටමේ සිට බලන කල ඒ ඒ රටවල ආර්ථිකමය තත්වයන්ට ගැලපෙන පරිදි නවීකරණයන් හඳුනාගැනීමට චීනයට හැකිවිය. චීනය එහිදී නායකත්වය ගෙන කටයුතු කරමින් නවීකරණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් බටහිර ලෝකයට සාර්ථක තරඟයක් දෙමින් ඉදිරියට පැමිණිමට සමත් වූ බව ප්‍රවීණ ව්‍යාපාර සංවර්ධන හා නායකත්ව පුහුණු උපදේශක කිෂූ ගෝමස් මහතා පවසයි.

සමාජවාදය හෝ ධනවාදය යන න්‍යයායන් මත පමණක් නොසිට, වර්තමාන ලෝකයට අවශ්‍ය හෝ ගැලපෙන දේ නිසි ලෙස හඳුනාගෙන සමතුලිතව කටයුතු කිරීම චීනය සමත්ව සිටී. වානිජමය වටිනාකම් වර්ධනය කර ගැනීමට ද චීනය ක්‍රියා කරමින් සිටින බව හෙතෙම සඳහන් කරයි.

මානව සම්පත කළමනාකරණය සම්බන්ධයෙන් චීනය සාර්ථක තීරණ ගත් රටකි. ස්ව ආර්ථිකයට ඔරොත්තු දිය හැකි වන පරිදි චීනය සිය මානව සම්පත කළමනාකරණය කර ගෙන ඇත. ලෝකයේ සෑම රටක්ම පාහේ ඔවුන්ගේ ශ්‍රම සම්පත අනුව කටයුතු කරයි. චීනය ඔවුන්ගේ ජනගහනය සැලකිල්ලට ගෙන ආර්ථිකමය වටිනාකම් වැඩිකර සෙසු රටවලට ද ප්‍රතිලාභ ගෙන දෙන අයුරෙන් ව්‍යප්ත කිරීමට සමත්ව තිබේ. අනාගතය වෙනුවෙන් චීනය කාලානුරූපිව ක්‍රියා කරයි. දූරදර්ශී නායකත්වයක් සහිත රටක් ලෙසට චීනය හඳුනාගත හැකි යැයි ද කිෂූ ගෝමස් මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම