පාකිස්ථාන-චීන මිතුදම පිළිබඳව ආඩම්බර වන බව පාකිස්ථානය කියයි
2023-02-24 15:54:19
Share with:

පාකිස්ථාන-චීන මිතුදම පිළිබඳව තම රට ආඩම්බර වන බව පාකිස්ථානය පවසයි.

ඇමරිකානු නිලධාරීන් පසුගිය දා පාකිස්ථාන-චීන සබඳතාව පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mumtaz Zahra Baloch මහත්මිය ඊයේ(23) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළා ය. පාකිස්ථානය හා චීනය පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් පවත්වා ගනිමින් සිටී. ගෙවී ගිය කාලය තුළ, චීනය විවිධාකාරයෙන් පාකිස්ථානයට සහාය දක්වා ඇත. අසීරුතාවන්ට මුහුණ පෑ අවස්ථාවල චීනය තම රටට බොහෝ උපකාර කළ බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කෘතවේදීව සිහිපත් කළා ය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම