යුක්‍රේනය ඇතුළු රටවල් 75 ක් එක්ව ඉදිරිපත් කළ "සාම" යෝජනා කෙටුම්පත ජගත් මහා මණ්ඩලය සම්මත කරයි
2023-02-24 11:16:49
Share with:

යුක්‍රේනය ඇතුළු රටවල් 75 ක් එක්ව ඉදිරිපත් කළ "සාම" යෝජනා කෙටුම්පත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි.

ඊයේ (23) පැවති ජගත් මහා මණ්ඩලයේ හදිසි රැස්වීමේදී, එම කෙටුම්පතට පක්ෂව ඡන්ද 141 ක් සහ විපක්ෂව 7 ක් ලැබුණු අතර ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 32 කි.

වත්මන් තත්ත්වයට මුහුණ දීමේදී, හැකි ඉක්මනින් සටන් විරාමය සාක්ෂාත් කර ගැනීමට ප්‍රමුඛතාව විය යුතු බව චීන පාර්ශවය එම රැස්වීමේදී සඳහන් කළේය.

යුක්‍රේන අර්බුදය විසඳීමට ඇති එකම ප්‍රායෝගික මාර්ගය සංවාදය පමණි. රුසියාව සහ යුක්‍රේනය හැකි ඉක්මනින් සෘජු සංවාදය ආරම්භ කර නැවත සාමය ගොඩනැගීමට අවස්ථාවක් ලබා දීමට චීනය සහාය වන බව ද ප්‍රකාශ කෙරිණ.

රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ලෙස චීනය එහිදී ඉල්ලා සිටියේය. තත්ත්වය උග්‍ර වීම වෙනුවට, ජාත්‍යන්තර ප්‍රජාව ඒ සඳහා  පසුබිම නිර්මාණය කළ යුතු බවට ද එහිදී අවධාරණය කෙරිණ.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම