ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2023-02-23 10:08:29
Share with:

ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා එරට සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ(22) ඉන්දුනීසියාවේ Jakarta නගරයේ දී හමුවිය.

මෑත වසර කිහිපය තුළ ඉන්දුනීසියාව හා චීනය අතර පවතින ප්‍රායෝගික සහයෝගිතාව විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත.ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජන ප්‍රමාණය වේගවත්ව වැඩි වෙමින් චීනය ඉන්දුනීසියාවේ දෙවන විශාලතම විදේශ ආයෝජන මූලාශ්‍ර රට බවට පත්වූ බව Joko Widodo මහතා එහිදී පැවසීය. ආසියාව, ගෝලීය ආර්ථික ප්‍රවර්ධන කේන්ද්‍රයක් වන අතර විවිධ බලවේගයන්හී ගැටුම් ඇති කිරීමේ වේදිකාවක් නොවේ.ඉන්දුනීසියාව චීනය සමඟ කලාපීය සාමය හා ස්ථාවරත්වය සහතික කරමින් පශ්චාත් වසංගත යුගයේ පුනරුත්ථාපනයට අනුබල දෙනු ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

නවීකරණයට යන මාවතේදී ඉන්දුනීසියාව සමඟ පොදු සංවර්ධනයන්හී නිරතවීමට චීනය කැමැත්තෙන් සිටින බවද Qin Gang මහතා ප්‍රකාශ කළේය.පෙර නොවූ විරූ ආකාරයේ විපර්යාස ආසියා-ශන්තිකර කලාපයට ගැඹුරු ලෙස බලපෑම් එල්ල කර තිබේ. එහෙත් මුහුණ දෙන තත්ත්වය සංකීර්ණය වූවහොත් චීනය හා ආසියන් සංගමය පෙරටත් වඩා එකමුතුව යුතුව සහයෝගිතා ශක්තිමක් කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.ඉන්දුනීසියාව ආසියන් සංගමයේ වාරික සභාපති රටක් ලෙස අදාළ කර්යභාරයන් ඉටු කිරීමට චීනය පූර්ණ අනුබල දෙනු ඇතැයි ද චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා එහිදී පැවසීය. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම