චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව චීන අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
2023-02-23 10:17:02
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව ඊයේ (22) චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී හෙතෙම චීන ජාතික සැසිවාර දෙකේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වාර්තාවට සවන් දුන් අතර, නියෝජිතයින්ගේ සහ කමිටු සාමාජිකයින්ගේ අදහස් හා යෝජනාවලට සවන් දීමට මෙවර ජාතික සැසිවාර දෙක සඳහා කටයුතු සම්පාදනය කර තිබේ.

චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයින්ගේ සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයින්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම, රජයට මහජන මතයට සවන්දීම සහ ජනතා අධීක්‍ෂණය පිළිගැනීම  අනිවාර්ය අවශ්‍යතාවක් බව එම සමුළුව පෙන්වා දෙයි. චීන රාජ්‍ය මණ්ඩලය මෙම කාර්යයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර, ඒ අනුව අදාළ වාර්තාවලට සවන් දීම සඳහා සෑම වසරකම රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව පැවැත්වීම සිදු කෙරේ. පසුගිය වසර පහ තුළ, නියෝජිතයින්ගේ සහ කමිටු සාමාජිකයින්ගේ අදහස් සහ යෝජනා 18,000 කට වඩා සම්මත කර ඇති අතර, 7,800කට වඩා අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබේ.එමඟින් ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සම්බන්ධ ගැටළු විශාල සංඛ්‍යාවක් විසඳීම සහ ජනතාවගේ හදිසි දුෂ්කරතා සහ කනස්සල්ල බැහැර කිරීමට හැකිව තිබේ.

මෙම වසරේ චීන ජාතික සැසිවාර දෙක ආසන්නයේ ඇති බැවින් අතීතයේ පැවති යහපත් ක්‍රියා සාරාංශ ගත කර නියෝජිතයින්ගේ සහ කමිටු සාමාජිකයින්ගේ අදහස් හා යෝජනාවලට හොඳින් සවන් දිය යුතු බව Li Keqiang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම