ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පරීක්ෂකවරු ඉරානයට පැමිණ 'ඇත්තේ වැරදි අවබෝධය' විසඳීමට- ඉරානය පවසයි
2023-02-23 13:53:07
Share with:

ඉරානයේ පොහොසත් යුරේනියම් බහුලත්වය 60% ඉක්මවූ බවට කරන ලද නිර්දේශය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති පරීක්ෂකවරුන්ගේ 'වැරදි අවබෝධය' නිසා සිදු වූවක් බව ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයේ සභාපති පවසයි. ඉරානයේ පොහොසත් යුරේනියම් බහුලත්වය 60% ඉක්මවූ බවට බලශක්ති පරීක්ෂකවරුන් නිගමනය කර ඇති බව මෑතකදී මාධ්‍ය වාර්තා කොට තිබිණ.

ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සියේ පරීක්ෂකවරු පසුගිය 21 වැනිදා ඉරානයට පැමිණි අතර, මේ අදාළ ගැටලුවලට විසඳුම් ලබාදෙමින් සිටිති.

ඇමරිකානු Bloomberg ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පරීක්ෂකවරුන් මෑතකදී ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලින් 84% ක පොහොසත් යුරේනියම් සොයා ගෙන තිබේ.

මේ පිළිබඳ ඉරානය පෙන්වා දුන්නේ, ඉරානය 60% ට වඩා පොහොසත් යුරේනියම් නිපදවා නොමැති බවයි. යුරේනියම් එක් එක් අංශු 60% ට වඩා වැඩි වූ පමණින් යුරේනියම් 60% ට වඩා පොහොසත් වන බවක් අදහස් නොවන බව ඉරාන පාර්ශ්වය සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම