රුසියානු ජනපති හා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාර්යාල අධ්‍යක්ෂවරයා අතර හමුවක්
2023-02-23 10:46:41
Share with:

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික සහ මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා හමු විය. එම හමුව ඊ‍යේ (22) රුසියාවේ මොස්කව් හි දී පැවැත්විණ‍‍.

නව යුගයේ චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය කිසිවිටෙකත් තුන්වන පාර්ශ්වයක් ඉලක්ක කර නොගත් අතර, එයට මැදිහත් වීමට හා විවිධ තර්ජනයන්ට ඉඩ නොදෙන බව ද වං යී මහතා එහි දී පැවසීය. දෙරටේ සබඳතාවයට ශක්තිමත් දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පදනමක් ඇත. ඉදිරියටත් රුසියාව සමඟ උපායමාර්ගික සහයෝගිතාව ඇතුළු විවිධ සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වන බව ද වං යී මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට, ද්විපාර්ශ්වික සබඳතාවය ‍අපේක්ෂිත ඉලක්කයන් වෙත ප්‍රවේශ වෙමින් පවතින බව ව්ලැඩිමිර් පුටින් මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර කටයුතුවලදී දෙපාර්ශවය වඩා සහයෝගයෙන් කටයුතු කිරීම ජාත්‍යන්තර ව්‍යුහයේ ස්ථාවරත්වයට වැදගත් බව ද හෙතෙම පැවසීය

යුක්රේන ප්‍රශ්නය පිළිබඳව ද එහි දී අදහස් හුවමාරු වී ඇත. සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට රුසියාවේ කැමැත්ත යළි තහවුරු කිරීම සම්බන්ධයෙන් වං යී මහතා සිය ප්‍රසාදය පළ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම