රුසියානු-යුක්රේන අර්බුදය විසඳීමට සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටුකරන බව චීනය කියයි
2023-02-23 19:50:40
Share with:

රුසියානු-යුක්රේන අර්බුදය සාමකාමීව විසඳීම සඳහා, තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් ඔස්සේ සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටුකරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(23)  පැවති නිත්‍ය මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ, රුසියානු-යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය මුල සිටම පැහැදිලිව ප්‍රකාශ කොට ඇති බවයි. යුක්රේනය සමග විධිමත් සම්බන්ධීකරණයක් පවත්වා ගන්නා චීනය, තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් ඔස්සේ අර්බුදය සාමකාමීව විසඳීම සඳහා සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටුකරන බව ද Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම