චීනය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරෙකු බව විදේශ ඇමති කියයි
2023-02-23 15:13:07
Share with:

චීනය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරෙකු බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා කියාසිටී. එසේම චීනය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ පෙනී සිටින රාජ්‍යයක් බවත් හෙතෙම පෙන්වාදෙයි. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී කළ අදහස් දැක්වීමක දී ය.

මෙරට ඓතිහාසික මිතුරෙකු වන චීනය ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටි බවත්,  දුර්දාන්ත ත්‍රස්තවාදී උවදුර තුරන් කිරීමේ දී මෙරටට සහාය වූ බවත් අමාත්‍යවරයා පැවසීය. චීනය සමග  සමීපව කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම