ඇමරිකාව බොහෝ අවස්ථාවල ‘චීනයේ න්‍යෂ්ටික තර්ජනයක්’ පිළිබඳ අදහස ඉස්මතු කරන්නේ මිලිටරි අධිපතිවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් බව චීනය කියයි
2023-02-23 18:49:15
Share with:

ඇමරිකාව බොහෝ අවස්ථාවල ‘චීනයේ න්‍යෂ්ටික තර්ජනයක්’ පිළිබඳ අදහස හුවාදැක්වීම, මිලිටරි අධිපතිවාදය ආරක්ෂා කිරීමේ උත්සාහයක් පමණක් බව චීනය පවසයි.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Tan Kefei මහතා අද(23) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ ය.

ඇමරිකානු උපායමාර්ගික විධාන මූලස්ථානය විසින් පසුගිය දා කොංග්‍රසය වෙත ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වූයේ චීනය සතු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ගුවන්ගත කිරීමේ උපකරණ සංඛ්‍යාව ඇමරිකාව සතු ප්‍රමාණයට වඩා වැඩි බවයි. මෙම වාර්තාව උපුටා දක්වමින් එරට The Wall Street Journal පුවත්පත පවසන්නේ, චීනය යුදමය නවීකරණය සාක්ෂාත් කළ විගස,  ‘න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීම’ පිළිබඳ තම ප්‍රතිඥාව කඩකරනු ඇති බවයි. එය කිසිදු පදනමකින් තොර වාර්තාවක් බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා පෙන්වාදෙයි. කිසියම් අවස්ථාවක දී න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය චීනය අඛණ්ඩ ව අනුගමනය කරයි. න්‍යෂ්ටික අවි සතු නොවන රටවල් හා කලාපවලට එරෙහිව ඒවා භාවිත කිරීම හෝ භාවිතය පිළිබඳ තර්ජන එල්ල කිරීම කිසිවිටෙකත් සිදුනොකරන බවට චීනය ප්‍රතිඥා දී ඇතැයි ද ප්‍රකාශකයා කියාසිටියේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම