රෝහල් සඳහා ඩීසල් සැපයීමට ජපානයෙන් ඩොලර් මිලියන 46 ක ප්‍රදානයක්
2023-02-23 16:10:00
Share with:

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය පියවර ගනී.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම, ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (22)  සිදුකෙරිණ. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවාවන්ට සහාය වීම මෙම මානුෂීය ආධාරයේ අරමුණයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම