වී මිල දී ගැනීමට වෙන්කරන මුලද දෙගුණ කිරීමට පියවර
2023-02-23 14:59:57
Share with:

වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදෙන රුපියල් බිලියන 10ක මුදල අවශ්‍යතාව පරිදි රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ නැංවීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. 

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසයකට හාල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් ලබා දීමට රජය කටයුතු යොදා ඇත. මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් මිල දී ගන්නා වී ඒ සඳහා යොදාගැනේ. මාස දෙකක් මෙම දීමනාව ලබාදීමට නියමිතයි.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහනය ලබාදීමට කලින් තීරණය කර තිබු නමුත්, පසුව  එම පවුල් සංඛ්‍යාව ලක්ෂ 29ක් දක්වා ඉහළ නංවා තිබෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම