දේශගුණ විපර්යාස කටයුතු පිළිබඳ චීන නියෝජිතයාට තිරසර සංවර්ධනය වෙනුවෙන් විශේෂ සම්මානයක්
2023-02-23 10:16:49
Share with:

දේශගුණ විපර්යාස කටයුතු පිළිබඳ චීන නියෝජිතයාට තිරසර සංවර්ධනය වෙනුවෙන් විශේෂ දායකත්ව සම්මානයක් පිරිනැමේ.‍

නොබෙල් තිරසර සංවර්ධන අරමුදලේ සභාපති Peter Nobel මහතා පෙරේදා(21) ප්‍රකාශ ක‍ළේ තිරසර සංවර්ධනය වෙනුවෙන් පළමු වන විශේෂ දායකත්ව සම්මානය චීන දේශගුණ විපර්යාස නියෝජිත Xie Zhenhua මහතාට පිරිනමන බවයි. දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර දැක්වීම හා තිරසර සංවර්ධනය වෙනුවෙන් Xie Zhenhua මහතා ලබා දී ඇති දැවැන්ත දායකත්වය අගය කිරීම අරමුණයි. Xie Zhenhua මහතා වෙනුවෙන් ස්වීඩනයේ චීන තානාපති Cui Aimin මහතා එම සම්මානය පිරිනැමීමේ උත්සවයට එක්ව තිබේ.

Xie Zhenhua මහතා මාර්ගගතව ඊට සම්බන්ධ වෙමින් පැවසුවේ ජෛව පරිසර සුරක්ෂිතභාවය හා දේශගුණ විපර්යාසය පිළිබඳ කටයුතු වල දිගුකාලීනව නිරත වන තමන් තිරසර සංවර්ධනය හා ජෛව ශිෂ්ටාචාරය චීනයේ සංක්ලපයක සිට ක්‍රියාවට නැංවීම දක්වා සිදු වූ ක්‍රියාවලිය අත්දැක ඇති බවයි. චීනයේ අත්දැකීමෙන් පෙන්නුම් කර ඇත්තේ පරිසරය ආරක්ෂා කිරීම හා දේශගුණ විපර්යාසය වෙනුවෙන් ගත් පියවර ආර්ථික වර්ධනයට බාධා එල්ල නොකිරීම පමණක් නොව වර්ධනයේ ගුණාත්මක භාවය හා ප්‍රතිලාභ  දියුණු කර ගැනීමට  හේතුවී ඇති  බව යැයි ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම