මූලික පර්යේෂණ දේශීය වශයෙන් වඩාත් පුළුල් අන්දමින් පවත්වා ගත යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි
2023-02-23 11:37:04
Share with:

         චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ  පෙරේදා (21) “මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම”තේමාගත සමූහික අධ්‍යයනයකට එක් වූහ. රටේ සංවර්ධනයට අදාළ තීරණාත්මක කරුණු හෝ යම් විෂය ක්ෂේත්‍රයක වැදගත් කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය නායක මණ්ඩලය රැස්වීම් පවත්වමින් සාමූහික ව අධ්‍යයනය කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ සාම්ප්‍රදායකි.

        දැනට චීනය මුහුණ දී සිටින්නේ සංකීර්ණ සංවර්ධන වටපිටාවකට ය. චීනය සිය ප්‍රධාන තරගකරුවෙකු වශයෙන් සලකන ඇමරිකාව සිය මිත්‍ර රටවල් සමග එක්ව චීනය විවිධාකාරයෙන් මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටී. විශේෂයෙන් අධි විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට හැකි තරමින් බාධක පනවා ඇත. මෙවන් පසුබිමක් යටතේ චීනය එම ක්ෂේත්‍රයේ මූලික පර්යේෂණ ශක්තිමත් කරමින් කේන්ද්‍රීය විද්‍යා තාක්ෂණික ගැටළු විසඳා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර සමූහික අධ්‍යයනයේදී අවධාරණය කර තිබේ. ඒ සඳහා රජය මූලික පර්යේෂණවලට අවශ්‍ය මූල්‍ය හා ප්‍රතිපත්තිමය සහාය ලබා දෙන බවත්, මූලික පර්යේෂණවල නිරත වන ප්‍රවීණයන් සංඛ්‍යාව වැඩි කරන බවත්, හෙතෙම එහිදී කියා සිටියේ ය.

        පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය ප්‍රථමයෙන් ඉදිරිපත් කළ චීන ජනාධිපතිවරයා , විද්‍යා තාක්ෂණික මූලික පර්යේෂණවලදී එම සංකල්පය අමතක නොකළ යුතු බව පෙන්වා දෙයි. මානවයා පොදු සංවර්ධන ගැටළු රාශියකට මුහුණ දී සිටින වත්මන් කාලයේ ජාත්‍යන්තර සහයෝගිතාව හා විවෘතභාවය අත්‍යවශ්‍ය වේ. එබැවින් චීනය මූලික පර්යේෂණ දේශීය වශයෙන් වඩාත් පුළුල් අන්දමින් පවත්වාගෙන යන අතර ජාත්‍යන්තර වශයෙන් ද වඩාත් ක්‍රියාශීලි ව කටයුතු කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම