නව්‍යකරණ ප්‍ර‌ෙව්ශය සමඟ වර්ධනය වන චීන ආර්ථිකය
2023-02-23 10:20:49
Share with:

වසර තුනකට ආසන්න කාලයක් චීනය රටක් වශයෙන් අර්බුදකාරී තත්ත්වයට මුහුණ දුන් ආකාරය ආසියාව ඇතුළු ලොව සියලු රටවල්වලට ආදර්ශයක් ලබා දෙයි. කොවිඩ් වසංගත සමයේ දී විද්‍යාත්මකව සහ ජනතාවගේ පූර්ණ සුරක්ෂිතභාවය පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙමින් චීනය කටයුතු කළේය. සිදු කරන ලද සියලු පර්යේෂණ කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම හරහා ව්‍යසනකාරී තත්ත්වය කඩිනමින් මඟ හරවා ගැනීමට චීනයට හැකි වූ බව ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

කර්මාන්ත හා නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන චීනය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරමින් කඩිනමින් සිය වැඩ පරිසරය නිර්මාණය කර ගනිමින්, ශ්‍රම බලකාය නැවත ශක්තිමත් කිරීමට කටයුතු කළේය. සිය ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින්, ලෝක දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම දායකත්වය ද ලබා දුන් බව හෙතෙම පැවසීය.

නව ආර්ථික වැඩපිළිවෙළ යටතේ සිදු කරන නව්‍යකරණය හරහා සිය ආර්ථිකය නව මාවතකට ගෙන යාමට චීනයට හැකි වී ඇත. මෙම නව්‍යකරණ ප්‍රවේශය ලොව සියලු අංශයන්ට ඵලදායී ප්‍රතිලාභ ජනිත කිරීමට ද ඉවහල් වන බව ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම