රුසියාව හා ඇමරිකාව නිසි සංවාදයක් මගින් මතභේද විසඳාගනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියයි
2023-02-22 18:31:31
Share with:

රුසියාව හා ඇමරිකාව නිසි සංවාදයක් මගින් මතභේද විසඳාගනු ඇතැයි  අපේක්ෂා කරන බව චීනය කියයි.

උපායමාර්ගික අවිආයුධ අවම කිරීම පිළිබඳ රුසියානු-ඇමරිකානු නව ගිවිසුමෙන් තාවකාලිකව ඉවත් වන බව රුසියානු ජනාධිපති Vladimir Putin  මහතා ඊයේ(21) ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පැවසුවේ, දෙපාර්ශ්වය නිසි සංවාදයක් මගින් මතභේද විසඳාගෙන අදාළ ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කරනු ඇතැයි  චීනය අපේක්ෂා කරන බවයි. 

උපායමාර්ගික අවිආයුධ අවම කිරීමේ නව ගිවිසුම මේ සියවසේ රුසියාව හා ඇමරිකාව එළඹුණු වැදගත් ද්විපාර්ශ්වික න්‍යෂ්ටික නිරායුධකරණ ගිවිසුමකි. එය දෙරට අතර ඇති එකම ආයුධ පාලන ගිවිසුම බවද වං වෙන්බින් මහතා සඳහන් කළේය. ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය සහතික කිරීම, ලෝක හා කලාපීය සාමය තහවුරු කිරීම සහ න්‍යෂ්ටික නිරායුධකරණ ලෝකයක් සාක්ෂාත් කිරීම යන ඉලක්කයන්ට ද එය මනා පිටුබලයක් වන බව හෙතෙම පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම