රජයේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති කියයි
2023-02-22 14:20:28
Share with:

වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.

එම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත විය නොහැකි වන්නා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදෙස් රටක් සමඟ ගනුදෙනු  කිරීමට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ද සාමාන්‍ය අයවැයක් නොව, බිඳවැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ද හෙතෙම පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඊයේ (21)  පස්වරුවේ කොළඹ පැවති 2023 බදු සමුළුවේ ආරම්භක දේශනය පවත්වමිනි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම