ඇමරිකාව සමඟ අත්සන් කළ “නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම” ක්‍රියාත්මක කිරීම රුසියාව අත්හිටුවයි
2023-02-22 10:01:02
Share with:

ඇමරිකාව සමඟ අත්සන් කළ “නව උපායමාර්ගික ආයුධ අවම කිරීමේ ගිවිසුම” ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය. ඇමරිකාව රුසියාවෙන් එම ගිවිසුමේ සියලු වගන්ති ඉටු කරන ලෙස ඉල්ලා සිටිය ද, ඔවුන් ගිවිසුම නොසලකා හරිමින් කටයුතු කරන බව ව්ලැඩිමිර් පුටින් ජනාධිපතිවරයා ඊයේ (21) ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

රුසියාව උපායමාර්ගික වශයෙන් අසාර්ථක තත්ත්වයකට පත් කිරීමට සහ රුසියාවේ හමුදා ශක්තිය පරීක්ෂා කිරීමට ද ඇමරිකාව අපේක්ෂා කරයි. එහෙයින් රුසියාව එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව හෙතෙම අවධාරණය කළේය. නමුත් එම ගිවිසුමෙන් ඉවත් නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ සාමය විනාශ කරමින්, තම ආධිපත්‍යයෙන් මෙහෙයැවෙන ලෝකයක් ගොඩනැගීමට ඇමරිකාව උත්සාහ කරන බව පුටින් මහතා පැවසීය. රුසියාව සමඟ අත්සන් කළ බැලැස්ටික් මිසයිල නාශක පද්ධති සීමා කිරීම පිළිබඳ ගිවිසුමෙන් ද ඇමරිකාව ඉවත් විය. ඇමරිකාවේ අයුතු ක්‍රියාකාරකම් හේතුවෙන් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවට හානි සිදුව ඇති බව ද පුටින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම